Story Preview
සමහරු වැස්සට ආසයි. ඒත් සමහරු වැස්සට ආස නෑ. ඒත් වැස්සට ආස නැති අයට වහින්නේ නැතුව තියෙන්නේ නෑ. වහිනකොට හැමෝටම වහිනවා. ඒක තමා ජීවිතේ. අපිට ඕනි දේට වගේම ඕනි නැති දේවල් වලටත් අපිට මූන දෙන්න වෙනවා. ඒ හින්දා වැස්සට ආස නැති උනත් කුඩයක් ඉහලගෙන එලියට යන්න පුරුදු වෙන්න අරලියා
The Complete Story
අද දවසෙම වගේ අපිට ඉගැන්නුවේ නෑ. පන්තියේ ලමයි නැතිම වගේ. ස්පෝර්ට්ස් මීට් වල වැඩ වලට ලමයි එහේ මෙහේ යන නිසා මැඩම්ලා උගන්නන්න ආවෙත් නෑ. මන් ක්ලාස් එකට වෙලා නිකටට අතකුත් ගහගෙන ඔහේ හිටියා. “අශ්වී...” එක පාරටම කවුරු හරි මගේ නම කියනවා ඇහිලා මන් හැරිලා බැලුවේ. “පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?” ඒ කතා කරේ මන් ඉන්න හවුස් එකේ ඩිපියුටි හවුස් කැප්ටන් සචී. “මේ ෆයිල් ටිකත් අරගෙන මාත් එක්ක ග්‍රවුන්ඩ් එකට යමුද?” මන් කතාවක් නැතුවම ලගට ඇවිත් එතන තිබ්බ ෆයිල් ටික අතට ගත්තා. සචී ඒ වෙනකොටත් ෆයිල් ගොඩක් එයාගේ අතේ තියාගෙන හිටියේ. “ත්යැන්ක් යූ..” සචී එහෙම කිව්වම මන් එයාට පොඩි හිනාවක් දුන්නා. “අශ්වීගේ ගෙවල් කොහෙද?” මාව කතාවට අල්ල ගන්නද කොහෙද සචී ආයෙත් ඇහුවේ. “දබුල්ලේ” “අහ්... මෙහේ බෝඩ් වෙලාද ඉන්නේ එතකොට?” “ඔව්..” මන් තනි වචනෙන් උත්තර දුන්නා. ඉන්නේ ගෙදර නෙවෙයි කියලා හැම විස්තරයක්ම කියන්න මට හිතුනේ නෑ. මොකද ඔය හැම කතාවක්ම නවතින්නේ අම්මිගෙන්. ඊට පස්සේ කවුරුවත් මට අනුකම්පා කරනවට මන් කැමති උනේ නෑ. ඒ නිසා මන් ගැන කවුරුවත් දන්නේ නැති තරමට හොදයි කියලා මට හිතුනේ. සචී එක්ක ෆයිල්ස් ටිකත අරගෙන මන් ග්‍රවුන්ඩ් එකට යනකොට තැන් තැන් වල ලමයි ඇත්ලටික් ඉවෙන්ට්ස් වලට ප්‍රැක්ටිස් කරනවා. රනින් ඉවෙන්ට්ස් ප්‍රැක්ටිස් කරන තැන පිරිමි ලමයි වගේකුත් ඉන්නවා මන් දැක්කා. බෝයිස් ස්කූල් එකකිනුත් ඇවිත් ප්‍රැක්ටිස් වලට උදව් කරනවද කොහෙද. සචී මේ මාවත් එක්කගෙන ඇවිදගෙන යන්නේ ඒ පිරිමි ලමයි ඉන්න දිහාවට. “අශ්වි ඔයාට දැන් වැඩක් තියෙනවද?” මන් ආයිත් නෑ කියන්න ඔලුව හෙල්ලුවා. “එහෙනම් තව චූටි උදව්වක් කරන්නකෝ.” මන් ආයිත් සචී දිහා බැලුවේ මොකද්ද කියලා අහන්න වගේ. “ෆෝම්ස් වගයක් තියෙනවා. පුරවලා දෙන්න පුලුවන්ද? මන් දැන් ආයිත් දුවන්න ඕනි ස්පෝට්ස් ස්ටේඩියම් එකට ස්විමින් ප්‍රැක්ටිස් දාගන්න දවසක් ශෙඩූල් කර ගන්න.” සචීව දැක්කම පව් කියලත් හිතෙනවා. කැප් එකකුත් දාගෙන අරහෙටයි මෙහෙටයි ඇවිදින එකද කොහෙද දවසෙම කරන්නේ. මන් ඉස්කෝලේ ආපු මේ ටික දවසටත් මන් සචී පන්තියේ ඉන්නවා දැක්කේ නෑම වගේ. උදේ ක්ලාසස් පටන් ගන්න කොටම කවුරු හරි සචීට පනිවිඩයක් එවනවා. ඒ පනිවිඩේට ගිහින් ආයිත් සචී ක්ලාස් එකට එන්නේ ඉස්කෝලේ ඇරෙන්න කිට්ටු වෙලා වගේ. ඉස්කෝලෙට අලුතෙන් ආපු අයට සචී මුල් දවස් වල ගොඩක් උදව් කරා. ඒ හින්දා අලුතෙන් ආපු ලමයි ඔක්කොමලා වගේ සචී එක්ක යාලුයි. කොහොමත් සචී කාව දැක්කත් හිනා වෙලා ඉන්නවා. උදව්වක් ඉල්ලුවම බෑ කියන්නත් බැරි ඒ නිසා. මන් ආයිත් හා කියන්න ඔලුව දෙපැත්තට වැනුවා. අව්වත් හොදටම සැරයි. මන් ඒ නිසා ඇස් දෙකත් පොඩි කරගෙන සචී පස්සෙන් ටෙන්ට් එකකට ගියා. එතන ලමයි කට්ටියක්ම එක එක වැඩ කර කර හිටියා. ඔක්කොමලා බොටම් ටී ශර්ට් ඇදගෙන හිටපු නිසා සුදු ගවුම ඇදගෙන ආපු මන් දිහා හැමෝම හැරිලා බැලුව. ග්‍රවුන්ඩ් එක පැත්ත පලාතේ එන්න මගේ හිතේ කිසිම අදහසක් තිබ්බේ නැති නිසා මන් අඩුම තරමේ කැප් එකක් වත් ගෙනාවේ නෑ. “එහෙනම් මෙතනින් වාඩි වෙලා මේ ෆෝම්ස් ටික පුරවනවද අශ්වි? මන් ටාන් ගාලා ගිහින් එන්නම්.” මන් ආයෙත් සචී කියපු එකට ඔලුව වැනුවා. එතන හිටපු කාට්ටියටත් මන් පොඩි හිනාවක් දුන්නේ එයාලා තාම මන් දිහා බලන් ඉන්නේ කියලා මට නෝට් උන නිසා. සමහරවිට මාව කලින් දැකලා නැති නිසා වෙන්න ඇති. “මේ අශ්වි, අපේ ක්ලාස් එකේ. අලුතෙන් ඉස්කෝලෙට ආවේ.” හැමෝම මන් දිහා බලාගෙන ඉන්න නිසාද කොහෙද සචී එහෙම කිව්වේ. එතකොට හෑමෝම මාත් එක්ක හිනා වෙලා ආයිත් වැඩට බැස්සා. සචී මට කරන්න කිව්වේ ඉවෙන්ට්ස් වලට ඉන්න අයගේ ලිස්ට් ෆෝම්ස් වල ලියන්න. එතන ෆෝම්ස් බර ගානක් තිබ්බා. මන් සචී මට දුන්න කොලේ බලාගෙන ෆෝම්ස් එකින් එක පුරවන්න ගත්තා. ටික වෙලාවක් මන් ෆෝම් පුරව පුරව හිටියා. අපිට ටිකක් ඈතට වෙන්න හිටපු පිරිමි ලමයි ටික අපේ ටෙන්ට් එක පැත්තට එනවා කියලා මන් ලියන එක නවත්තලා ග්‍රවුන්ඩ් එක දිහා බලපු වෙලේ දැක්කා. මන් ඊට පස්සේ ආයිත් ඔලුව ඔබාගෙන ෆෝම් පිරෙව්වා. “කොහොමද බන් ආයිත් ඉස්කෝලෙට යන්නේ? අරහේ අරූ කෑගහනවා ඉස්කෝලේ වැඩ තියාගෙන වෙන ඉස්කෝල වල ප්‍රැක්ටිස් කරවන්න ආවා කියලා.” “අපි මොනවා කරන්නද බන්? විජිත සර් කිව්වම යන්නේ නැතුව බෑනේ.” “සහස්කට කෝල් එකක් දීලා බලපන්. අකියාට අදත් මොකක් හරි කේස් එකකට මල පැනලද කොහෙද?” සහස්ක.. අකියා.. මගේ ලගින්ම වගේ ඇහුනු නම් නිසා මන් එක පාරටම ඔලුව උස්සලා බැලුවා. මට පිටුපාලා ටෙන්ට් එකේ ඉස්සරහා හිටගෙන හිටපු පිරිමි ලමයි දෙන්නව මන් ලගටම දැක්කේ දැන්. ඒත් එතකොටම එතන හිටපු එක්කෙනෙක් පිටිපස්ස හැරිලා බලපු නිසා මට ඔලුව ආයිත් ෆෝම් ගොඩ අස්සේ ඔබා ගන්න වෙලාවක් නැති උනා. ඒ මූන මන් අදුරනවා. ඔව් එදා මන් කකා ඉන්න කොට අකේන් අයියා එක්ක ආපු අයියලා ගොඩේ මේ අයියත් හිටියා. හිනා වෙනවද නැද්ද කියලා හිතාගන්න බැරුව මන් ටික වෙලාවක් ඉදලා හිනා වෙන්නේ නැතුවම මන් බිම බලා ගත්තා. එතකොටම වගේ ඒ අයියා අනිත් අයියගේ කනට කරලා මොනවද කියනවා මගේ ඇහේ කොනට මන් දැක්කා. හිනා උනේ නැති නිසා මොනවා හරි හිතුවද දන්නෙත් නෑ කියලා ආයිත් මට හිතුනා. ඒත් දැන් ආයිත් මූන උස්සලා හිනා වෙන්න බැරි නිසා මන් එහෙම්මම හිටියා. “සුරන්ගනී..” “පොඩ්ඩක් හෙමින් කතා කරපන් නිතේශ්.” ඒ එක්කම අනිත් අයියා ආයෙත් කෑගැහුවා. ඔය මොනවා හරි කිව්වේ මන් ගැන කියලා මට දැන් හොදටම ශුවර්. දැන් නම් කොහොමත් ඔලුව උස්සන්න බෑ. “හ්ම්ම්ම්....” එක අයියා කෙනෙක් උගුර හදා ගත්තා. “සුරන්ගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා...” ඇහෙන නෑහෙන ගානට අයියා කෙනෙක් සින්දුව කියන්න ගත්තත් ඒක මට හොදට ඇහුනා. “උබ ඔය අහගන්න තමයි ඉතින් යන්නේ. යකෝ යන තැන හාන්නේ නැතුව හිටපන්කෝ.” ඒ ගමන අනිත් අයියා අර අයියට බනිනවද කොහෙද. මෙතනින් යන්න තිබ්බා නම් හොදයි කියලා හිතුනත් මට යන්න විදිහක් නැතුව හිටියේ. සචී තාම ආවෙත් නෑ. එයාට මේ ෆෝම්ස් ටික දෙන්නේ නැතුව යන්න බෑනේ. හැබයි ඒ වෙලේම දෙවියෝ බැලුවා වගේ දාඩියත් පෙරාගෙන සචී එතන්ට ආවා. “අ-” “සචී නන්ගී, වතුර එකක් ගන්න පුලුවන්ද? “ සචී මන් දිහාට හැරිලා කතා කරන්න හදනවත් එක්කම එක අයියා කෙනෙක් ඇහුවා. මන් ඔලුව උස්සගෙන සචී දිහා බලාගෙන හිටපු නිසා මගේ ඔලුවත් ඉබේම ඒ අයියලගේ පැත්තට හැරුනා. ඒ කතා කරේ එතන හිටපු ටිකක් කෙට්ටු අයියා. ඒ අයියට තිබ්බේ තලෙලු පාටක්. ඒත් කොන්ඩේ කර්ල් නිසා අමුතුම පෙනුමක් ඒ අයියට තිබ්බා. “හරි මිතුන් අයියේ... පොඩ්ඩක් ඉන්න.” සචී එහෙම කියන කොට තමා ඒ අයියාගේ නම මිතුන් කියලා මන් දැන ගත්තේ. නම් ටික ඇහුනා උනත් ඒ කවුද කියලා බලාගන්න මන් එදා කෑම මේසේ හිටියේ නෑනේ. “උබට එක පාරටම ආපු වතුර තිබහා මොකද්ද බන්?” සචී එතනින් ගියපු ගමන් අනිත් අයියා ඇහුවා. “යකෝ, මිනිස්සුන්ට වතුර තිබහා හැදෙන්න බැරිද? උබ හිතුවද ඉස්කෝලේ පීරියඩ්ස් වගේ වතුර තිබහත් ශෙඩූල් එකකට එනවා කියලා නිතේශ්.” ඒ කියන්නේ මිතුන් අයියා එක්ක හිටපු අනිත් අයියා නිතේශ්. ඒ අයියට මිතුන් අයියට වඩා ටිකක් ඇග තියෙනවා. උස නම් මිතුන් අයියා ගානම වගේ. ඒත් කොන්ඩේ නෝට් ගහලා වගේ හිටියේ. කොහොම උනත් ඕනි කෙනෙක්ට දෙපාරක් හැරිලා බලන්න පුලුවන් පෙනුමක් ඒ අයියලා දෙන්නගෙම තිබ්බා. ඒක නිසා තමයි මිතුන් අයියයි නිතේශ් අයියයි මෙතන්ට ආපු ගමන් ටෙන්ට් එකේ හිටපු ගර්ල්ස්ලා කොන්ඩේ හදන්නයි, කට වහගෙන හිනා වෙන්නයි පටන් ගත්තේ. මට නම් මෙතන ඉන්නවට වඩා මෙතනින් යන්නයි උවමනා වෙලා තිබ්බේ. මන් ආයිත් ෆෝම්ස් අස්සේ ඔලුව ඔබා ගන්නේ නැතුව වතුර බෝතලයකුත් උස්සගෙන සචී මෙහෙට දුවගෙන එන හැටි බලාගෙන හිටියා. “ආ මිතුන් අයියේ.” සචී අයියලා එක්ක කතා කරන හැටියට නම් එයා අයියලාව හොදට අදුරනවා වගේ. කොහොමත් නිකන් ඉදලා ඩිපියුටි හවුස් කැප්ටන් වෙන්නත් බෑනේ. සචීව දැක්කම නිකන්ම පේනවා එයා සෑහෙන්න ස්පෝර්ට්ස් කරනවා කියලා. කෙල්ලගේ ඇග අව්වටමද මන්දා ටෑන් වෙලා. වැඩක් කරන කොටත් කඩියා වගේ වැඩ. මට නම් කරන්න බැරිම වැඩේ තමා ස්පෝර්ට්ස්. අනේ මන්දා මට ඉස්සර ඉදලම එහෙම ගොඩක් මහන්සි වෙන්න පුලුවන් වැඩ බෑ. මන් නවය වසර වෙනකම්ම ඩාන්සින් මියුසික් දෙකම කරා. ඊට පස්සේ ඩාන්සින් ඇතෑරලා මියුසික් විතරක් කරන්න ගත්තේ ඕලෙවල් වලට පාඩම් කරන්න ඕනි උන නිසා. මට වගේම අම්මිටත් ලස්සනට සින්ග් කරන්න පුලුවන්. ඊටත් වඩා හොදට අම්මී ඩාන්ස් කරා. සමහර දවස් වලට හවසට මන් හයියෙන් සින්දුවක් දාගෙන නටන කොට අම්මිත් එනවා මාත් එක්ක නටන්න. එයා ඇත්තටම මගේ අම්මී වගේම මගේ හොදම යාලුවා. ඒ නිසයි එයා නැති පාලුව මට මේ තරම් දැනෙන්නේ. හැමෝම කියනවා මන් අම්මීගේ කපාපු පලුව කියලා. මගේ අම්මී පුදුම ලස්සනයි. එයාට තිබ්බේ යන්තම් යටින් කර්ල් වෙච්ච ස්ට්‍රේට් කොන්ඩයක්. ඒකත් ඉන ගාවට වෙනකම්ම තිබ්බා. මගේ කොන්ඩෙත් දිගට තිබිලා මන් උඩ ඉදන්ම ලේයර්ස් කපලා ඉස්සරහින් කර්ටන් බෑන්ග්ස් කැපුවා. කොන්ඩේ කපලා ගෙදර ඇවිත් අප්පච්චිට කොන්ඩේ පෙන්නුවම අප්පච්චී බනින්න බැරි කමට කට පුම්බගෙන හිටියා. මගේ දිග කොන්ඩෙට අප්පච්චී හරි කැමති. මගේ හමත් අම්මී වගේම සුදුයි. මේ දවස් වල ගෙදර අස්සටම වෙලා ඉදලද කොහෙද ඒ සුද දැන් කැපිලා පේනවා. අම්මීගේ වගේම මට තිබ්බේ තද දුබුරු ඇස්. අම්මී ඉස්සර කියනවා මගේ ඇස් තරු වගේ දිලිසෙනවලු. මන් අම්මීගේ බාබි ඩෝල්. එහෙම තමා අම්මී මට කියන්නේ. එයා කරපු හැම ප්‍රාර්ථනාවකටම දෙවියෝ එයා ලගට එවපු තෑග්ග මමලු. කොහොමත් අම්මිටයි අප්පච්චිටයි ඕනි වෙලා තිබ්බේ දුවෙක් ලු. ඒත් අම්මිට තුන් පාරක්ම බබලා හම්බෙන්න ඉදලා ඇබෝට් වෙලා තියෙනවා. ඒ කාලේ අම්මී ගොඩක් දුකෙන් ඉදලා තියෙන්නේ. තිබ්බ හැම පන්සලකටම කෝවිලකටම අම්මී බාර උනාලු. අන්තිමට මම එයාලා ලගට ආවමලු අම්මීගේ ජීවිතේ ආයෙත් ලස්සන උනේ. කොහොමත් ඔය නිසා මන් වැඩිපුරත් එක්ක හුරතලේට හැදුනේ. “මටත් ටිකක් දීපන් මිතුන්. උබ ඔය බෝතලේම එක හුස්මට බිව්වම මන් බොන්නේ හුලංද?” ඔහේ ඈත බලාගෙන කල්පනා කර කර හිටපු මම ආයිත් මේ ලෝකෙට ආවේ නිතේශ් අයියගේ සද්දෙට. “ඇයි දැන් උබ මන් වතුර ඉල්ලුවම ලෝකේ නැති කතා කිව්වේ. උබ හුලන්ම බීපන්.” “හු….නේ ඉතින්.” නිතේශ් අයියා මිතුන් අයියා බිබී හිටපු වතුර බෝතලේ ඇදලා ගත්තම මිතුන් අයියට ඉබේම ඒක කියවුනාද කොහෙද. “සොරි වෙන්න ඕනි නන්ගිලා.” මායි සචී බලන් ඉන්නවා දැකලද කොහෙද මිතුන් අයියා අපි දිහාට හැරිලා එහෙම කිව්වේ. මට නම් මෙයාලගේ සුද්ද සින්හල දැන් අහලම වගේ පුරුදු වෙලා තිබ්බේ. එදා කාමරේ ඉදන් කතා කරන කොට වැඩිපුරම ඇහුනේ කුනුහරුප විතරයි. “මන් මේ ටික පුරවලා ඉවරයි සචී. මන් ක්ලාස් එකට යන්නද?” තවත් එතන ඉන්න ඕනි නෑ කියලා හිතුන නිසා මන් සචීගෙන් එහෙම ඇහුවේ. “හරි අශ්වී, ත්යැන්ක් යූ හොදේ.” මන් ආයිත් සචීට හිනා වෙලා බිම බලාගෙනම එතනින් ආවා. එදා හවසත් මන් මිගාර එක්ක ගෙදර ආවා. අපේ ක්ලාසස් වල ලමයි නම් දැන් ඉදලම ටියුශන් ක්ලාසස් වලට යනවා. එයාලා පන්තියෙදි කතා කරන කොට ක්ලාසස් ගැනත් කියවනවා. මන් ඒවට කිසිම අවදානයක් දෙන්නේ නැත්තේ ඉගෙන ගන්නත් මට ඒ තරම් ආසවක් දැන් නැති නිසා. ගෙදර ඇවිත් පොතක් නිකමට වත් පෙරලන්නේ නැති මට මොන ක්ලාස්ද? අප්පච්චී කතා කරාමත් එයාට ඕව අහන්න මතක නෑ. දෝනි කෑවද? මොකද කරන්නේ? ඉස්කෝලේ කොහොමද? යාලුවෝ ඉන්නවද? ඕව තමා අප්පච්චිට තියෙන ප්‍රශ්න. පව් එයා. ඉස්සර හැමදාම අම්මී එක්ක රෑට කියවනවා. අම්මී නැතුව එයාටත් පාලු ඇති. දවස් දෙකක්ම අකේන් අයියව මගාරින්න කියලා කාමරේ ඇතුලටම වෙලා ඉදලා මන් අද ගාර්ඩ්න් එකට යන්න හිතුවේ එයා ගෙදර එන්නේ රෑට රෑ වෙලා නිසා. ස්වින්ග් චෙයා එකට වෙලා ඉන්න කොට හිතට අමුතු සැනසීමක් දැනෙනවා. මන් ආයිත් නෝට්බුක් නවල් එකත් අරගෙන ගාර්ඩ්න් එකට ගියා.
ඇස් දෙකෙන් ආයෙමත් කදුලු කඩාගෙන වැටුනේ ඒ කියවපු ටික නිසා. මන් පොත කියවන එක නතර කරේ තවත් කියවන්න බැරි නිසා. නෝවා ඇලීට ආදරේ කරපු තරමට ඒ වෙන්වීම ලොකු දුකක් වෙන්න ඇති. අපි කෙනෙක්ට හදවතින්ම බැදෙන කොට ඒ කෙනා නැතුව තප්පරයක් ඉන්නත් අමාරු වෙනවා. එතකොට මුලු ජීවිත කාලෙටම වෙන් වෙන්න උනොත්? මන් ඉස්සර ඉදන්ම විශ්වාස කරපු දෙයක් තමයි, මරනෙකින් අවසන් වෙන ආදරේක දුක දරා ගන්න වෙන්නේ ජීවත් වෙන කෙනාට කියන එක. එතකොට මට ආත්මාර්තකාමී වෙලා ජීවත් වෙන කෙනා වෙනුවට මැරුන කෙනා වෙන්න පුලුවන් නම් කියලා හිතෙනවා. මොකද මැරෙන හැමෝම ජීවත් වෙන අයගේ ඇස් වලට කදුලු ගේන්න පුලුවන් තරම් මතකයන් ගොඩක් ගොඩ ගහලා යනවා. සමහරු කියනවා කෙනෙක් නැති උනාම එයාලව ජීවත් කරවන්නේ ඒ මතකයන් කියලා. ඒත් ඒ මතකයන් වලටම මනුස්සයෙක් මරන්න පුලුවන් නම්.. මට අම්මී කියන්නේ මගේ ජීවීතේ ලොකුම කොටස. ඉතින් එයා නැතුව ජීවත් වෙනවට වඩා මැරෙන එක හොදයි කියලා මට හිතිලා තියෙන්නේ එක පාරක් විතරක් නෙවෙයි. අම්මීගේ අවසන් කටයුතු කරන කොටත් මන් හිතින් හිතුවේ එකම දෙයයි. අනේ අම්මී මාවත් අම්මී ගිය ලෝකෙටම ගන්න කියලා. එහෙම හිතන මට මේ ජීවිතේ ආයිත් සතුටක් තියෙයි කියලා මන් හිතන්නේ නෑ. එක පාරට මාව ඇහැරුනේ ගේට් එක හෙන සද්දෙන් ඇරෙන කොට. මට ස්වින්ග් චෙයා එක උඩම ඇස් පියවිලා හිටියේ. ගේට් එකෙන් ඇතුලට දාපු වාහන දෙකෙන් මන් දැන් එකක් අදුරනවා. අකේන් අයියගේ බෙන්ස් එක. ඒ කාර් එකත් එක්කම පිටිපස්සෙන් ආවේ තද කලු ජීප් එකක්. අකේන් අයියගේ කාර් එකෙන් අකේන් අයියයි මිතුන් අයියයි බහින කොට, ජීප් එකෙන් නිතේශ් අයියයි සහස්ක අයියයි බැස්සා. අකේන් අයියා නම් මන් ඉන්න පැත්ත වත් බැලුවේ නැති උනාට, අනිත් අයියලා තුන් දෙනාම මන් ඉන්න පැත්ත බැලුවා කියලා එයාලගේ බෙල්ල හැර වුන විදිහෙන්ම මට තේරුනා. මන් ඒත් හිනා වෙන්න ගියේ නැත්තේ හිනා උනත් එයාලට ඒ තිබ්බ දුරට පේන්නේ නෑ කියලා දන්න නිසා. එයාලා ඔහොම්මම ටිකකින් උඩට යනවා කියලා දන්න නිසා මන් ස්වින්ග් චෙයා එකේම හිටියේ තව ටිකකින් කාමරේට යන්න හිතාගෙන. අද මිතුන් අයියගෙයි තිනේශ් අයියගෙයි සුදු ශර්ට් එකේ ගහලා තිබ්බ ස්කූල් බැජ් එක දැක්ක නිසා මන් දන්නවා එයාලා යන්නේ අපේ බෝයිස් ස්කූල් එකට කියලා. ප්‍රැක්ටිස් කරවන්න එන්න ඇත්තෙත් ඒ නිසාමයි. “චූටි බේබී...” ලීලා නැන්දා සාලේ ඉස්සරහට ඇවිත් මට කතා කරපු නිසා මන් ස්වින්ග් චෙයා එකෙන් නැගිටලා ගෙදර දොර පැත්තට ගියා. සාලෙට යන්න නම් මට පොඩ්ඩක් වත් ඕනි නෑ. ඒත් ලීලා නැන්දා කතා කරන කොට යන්නේ නැතුව ඉන්නත් බැරි නිසා මන් හෙමින් හෙමින් අඩිය තියලා ඒ පැත්තට ගියේ. “මන් තේ හැදුවා චූටි බේබි. ගිහින් බොන්න.” මන් ලගට ආව ගමන් ලීලා නැන්දා කිව්වා. පස්සේ බොන්නද කියලා අහන්නත් හිතලා මන් ලීලා නැන්දා පස්සෙනම් ගේ ඇතුලට ගියේ බිම ටයිල් දිහා විතරක් බලාගෙන. මන් ඇතුලට යනකොට නම් අයියලාගේ සද්දේ නැවතුනා. ඒත් ඔලුව උස්සලා බලන්න තරම් හයියක් මට තිබ්බේ නෑ. අනිත් එක මේ මගේ ගෙදරත් නෙවෙයිනේ. හැමතිස්සෙම ඔය මේ මගේ ගෙදර නෙවෙයි කියන එක ඔලුවට එන එක නවත්ත ගන්න මට බෑ. මගේ කියලා කවුරුවත් මේ ගෙදර නැති නිසා එහෙම හිතෙනවද දන්නෙත් නෑ. මන් ලීලා නැන්දා පස්සෙන්ම කුස්සියට ගියා. අදත් අයියලා උඩට යනකම් මට කුස්සියේ හිර වෙන්න තමයි වෙන්නේ. “ඉතින් කියපන් සහස්ක අද අර විරාජ් කාරයා මොකද කරේ?” “අද බාස්කට් බෝල් මැචස් තිබ්බනේ බන්. උන් හැමදාම මැච් ඉවර කරන්නේ වලියකින් නිසා මායි අකියයි අද එතන්ට වෙලාම හිටියා. මැච් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා මූ වැරදිලා වගේ බෝලේ අපේ පැත්තට පාස් කරා. අකියා ඇලට් එකේ ඉදලා ඔලුව පැත්තට ගත්තේ නැත්නම් ඒ එවපු ස්පීඩ් එකට මෙලහකට මුගේ ඔලුවේ මැහුම් තුන හතරක්ම දාලා. ඌ ඒක කරේ හිතලමයි කියලා උගේ කැ.. හිනාවෙන්ම පෙනුනා. අපේ එකත් ඉවසගෙන හිටියා මැච් එක ඉවර නැති නිසා. මැච් එක ඉවර උන ගමන් අපි ඌව චේන්ජින් රූම් එකේදි අල්ල ගත්තා. උබ ඒ කරපු කැ.. වැඩේ මොකද්ද හු…. කියලා ඇහුවම අරූ උගේ කින්ඩි හිනාව දැම්මේ නැතැයි. අකියගේ ඉවසීමේ ලිමිට් පැනලා මූත් ගිහින් උගේ කොලර් එකෙන් අල්ල ගත්තා. මන් මුලු ගැම්මෙන් මුන් දෙන්නව දෙපැත්තට කරන්න බැලුවත් විරාජයා ගේමටම හිටියා. අකියා ආයිත් කොලර් එක අල්ලගෙනම කිව්වා බල්ලෙක් උනාට බලු වැඩ කරන්න එපා කියලා. එතකොටම විරාජයා උබේ අම්මා වෙන්නැති කියනකොටම මූ උට ගහගෙන ගහගෙන ගියා. අන්තිමට තරිදුයි, ඉසිතයි ඇවිත් අකියව පැත්තකට ඇද්දම තමා මූ ගහන එක නතර කරේ. අරූගේ මූන ගන්න දෙයක් නෑ බන්. අන්තිමට වාහනයක් ගෙනල්ලා ඌව හොස්පිටල් යැව්වා. මේකට ලගදිම උබට රිටර්න් හම්බෙයි කියලා අරූ හොස්පිටල් යන්න කලින් තර්ජනේ කරලත් ගියේ.” “විරාජුත් ඉල්ලගෙන නේ කන්නේ සහස්ක. හැබැයි මන් ඔතන හිටියා නම් හොස්පිටල් අරන් යන්න තරම්වත් දෙයක් උගේ ඉතුරු වෙන්නේ නෑ.” “උබ අනිත් එකා. උබටයි අකියාටයි දෙන්නටම කොහිල ගිල්ල වන්න ඕනි තුන් වේලටම. ඌට ඕනි අකියව වලියකට අල්ලගෙන ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට්ගේ චරිතේ මේකයි කියලා මූට මඩ ගහන්න. මේ ගොන් හරකට ඒක තේරෙන්නේ නෑ. බලපන් මුගේ අත. ඒ වෙලේ අතෙන් ලේ පෙරි පෙරි තිබුනේ. බෙහෙත් දාගන්න යමු කිව්වම ඒකත් බෑ කිව්වා. ඔක්කොමත් හරි අන්තිමට මුගේ රැස් බලන්නත් ඕනි. මේ මීට පස්සේ උබලා යන තැනක මාවත් අරගෙන පලයන් මිතුන්. මට මූ නිසා ලගදිම හයි බ්ලඩ් ප්‍රෙශර් හැදෙනවා. ඒ මදිවට මූ තව ඉස්කෝලේ ඉදගෙන වැඩත් කරන්න යනවා. මන් මේ බලෙන් ගෙදර ඇදගෙන ආවේ.” “උබ ඉතින් මූටම බැනලා හරියන්නේ නෑනේ සහස්ක. දැන් මූද එල්ලෙන්න ගියේ විරාජයද?” “යකෝ උබලා හිතන් ඉන්නේ මන් මේ ඉවසගෙන ඉන්නේ පුලුවන් කමකට කියලද? ඌ කියපු බලු කතාවේ හැටියට ඉස්කෝලේ නෙවෙයි නම් හිටියේ කන රත් වෙන්න මන් ගහන්නේ බෝලේ එවපු වෙලේමයි. ඌ මූට කරන කැ.. වැඩ වලට මගෙත් ලේ රත් වෙනවා. ඒත් මේවා අන්කල්ට ආරන්චි උනොත් මොකද වෙන්නේ කියලා උබලා නිකන්වත් හිතුවද? අන්කල් අපි වගේ පොඩි පොඩි ගේම් ගහන්නේ නෑ කියලා උබලා දන්නවනේ. අරූව කෙලින්ම ඇවිත් සුදු වෑන් එකකින් උස්සල තමා නතර වෙන්නේ. ඊට පස්සේ විරාජයගේ මහ එකා අන්කල් එක්ක ගේමට බැස්සම උබලා සාම සාකච්චා වලට යන්නද හිතාගෙන ඉන්නේ. ඒකයි මන් මූට පොඩ්ඩක් ඉවසන්න කියන්නේ. අනිත් එක පිනාට මේවා ආරන්චි උනත් පිනා මූට කිසි වැරැද්දක් කියන්නේ නෑ. පිනා අකියා කවුද කියන්න හොදටම දන්නවා බන්. ඒත් මූට කෙලවෙනකම් බලන් ඉන්න සෙට් එකක් අපේ ඉස්කෝලේ ඉන්නවා කියලා උබලා අමතක කරන්න එපා.” සාලේ හයියෙන් හයියෙන් යන කතාව කුස්සියට හොදටම ඇහෙනවා. අකේන් අයියා කාත් එක්ක හරි වලියක් දාගෙනද? එයාගේ කටහඩ නම් නිකන් වත් ඇහුනේ නෑ. සහස්ක අයියටත් කේන්ති ගිහින් කියලා කටහඩ වෙව්ලන විදිහෙන්ම තේරෙනවා. මෙතන ඉන්නවට වඩා කෙලින්ම කාමරේට යන්න තිබ්බේ. ගේට් එක ආයිත් ඇරෙන සද්දයක් ඇහුන නිසා ඒ ආවේ නිර්මා ඇන්ටී කියලා මට හිතුනා. “ආහ්, අද කට්ටියට මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ.” සාලේ පැත්තෙන් නිර්මා ඇන්ටිගේ කටහඩ ඇහුනා. “අපි නම් මෙහේ හැමදාම වගේ එනවා ඇන්ටී ලීලා ප්‍රින්සස්ගේ කෑම කාලා යන්න. ඒත් ඔන්න ඇන්ටිව නම් දැක්කේ කාලෙකින්.” “මේ දවස් වල හොස්පිටල් එකේ වැඩ ටිකක් වැඩී මිතුන් පුතේ. ශෙඩූල් කරපු සර්ජරි ගොඩක් තියෙනවා. බබා... ඔය අත මොකද?” නීර්මා ඇන්ටී අකේන් අයියගේ අත දැකලද කොහෙද. “මුකුත් නෑ අම්මී.” දැන් තමයි අකේන් අයියගේ කටහඩ ඇහුනේ. “මුකුත් නැත්නම් ඔය තැන් තැන් වල ලේ කැටි ගැහිලා තියෙන්නේ කොහොමද? අදත් වලියක් දා ගත්තා නේ. අද කාත් එක්කද මෙයා වලි දාගත්තේ?” “අකේන් වලි දාගත්තේ නෑ ඇන්ටී. පොඩි රන්ඩුවක් උනා. කොල්ලොනේ දන්නේ නැද්ද ඉතින්.” “ඔයාලගේ පොඩි රන්ඩු ගැන ඉතින් මන් දන්නේ නැතුවද සහස්ක පුතේ? ඉන්නකෝ මන් ලොකූ කතා කරාම කියන්න. බබාගේ හපන්කම්.” “ලොකූට මුකුත් කියන්න එපා අම්මී.” “ඔහොම හැමෝම එක්ක වලි දාගෙන අන්තිමට ඔයාට කවුරුහරි නරක දෙයක් කරයි කියලා අපි කොච්චර බයෙන්ද ඉන්නේ කියලා ඔයා දන්නේ නැද්ද බබා. එක පාරක් ඔලුව පලාගෙන ආවා. තව පාරක් අත කඩාගෙන ආවා. තරහට නෙවෙයි බබා මේවා කියන්නේ. කොල්ලෝ උනාම කෙල්ලෝ වගේ ගෙදරට කරලා හදන්න බෑ කියලා මන් දන්නවා. ඔයාට කලින් මන් කොල්ලෝ දෙන්නෙක්ම ලොකු කරානේ. ඒත් නරක දෙයක් උනොත් මන් කාට කියන්නද? අහ්? ඔයාට මොනවා හරි උනොත් තාත්තී නිකන් ඉදී කියලා ඔයා හිතනවද බබා? තාත්තී විතරක් නෙවෙයි, ලොකුයි පොඩී උනත් නිකන් ඉදී කියලද ඔයා හිතන්නේ.” “ලීලා ෆර්ස්ට් ඒඩ් බොක්ස් එක අරන් එන්නකෝ.” අකේන් අයියට නිර්මා ඇන්ටී බනිනවා අහන් ඉදලද කොහෙද ලීලා නැන්දගේ ඇස් වලටත් කදුලු ඇවිත් තියෙන්නේ. එයා ඇදුමෙන් කදුලු පිහිද ගන්න ගමන්ම සාලෙට ගියා.
0 Comments